header logo
Corporate News
පරිසරයට අභියෝගයක් වූ ජපන් ජබර , දැන් රටට වටිනාකමක්
පරිසරයට අභියෝගයක් වූ ජපන් ජබර , දැන් රටට වටිනාකමක්

ආක්‍රමණශීලී ශාකයක් වන ජපන් ජබර ආශ්‍රිතව වෙළෙඳපොළ ඉලක්ක කරගත් නව නිෂ්පාදන සංවර්ධනය කිරීමත්, ග්‍රාමීය ජීවනෝපාය සහ ව්‍යාපාරික අවස්ථා රැසක් අරමුණු කරගත් Hyacinthesis Accelerator  සටහනේ පළමු අදියරේ නිර්මාණ නොවැම්බරයේදී වෙළෙඳපොළට. දෙවැනි අදියර ළඟදීම ආරම්භ කෙරේ.

Hyacinthesis Accelerator පළමු කණ්ඩායමේ නිෂ්පාදන 2026 නොවැම්බර් මස පැවැත්වෙන විශේෂ ප්‍රදර්ශනයකදී වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත අතර, 2026 නොවැම්බර් මස 14 වනදා Good Market හිදී ප්‍රථම වරට මහජනතාව හමුවට පැමිණේ.

2026 නොවැම්බර් මසදී, Hyacinthesis Accelerator වැඩසටහනේ දෙවැනි කණ්ඩායම සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථිකය සහ අපනයන වර්ධනය ශක්තිමත් කිරීමේ අරමුණින්, වාණිජ වටිනාකමක් සහිත ජපන් ජබර නිෂ්පාදන බිහි කිරීමේ ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් Hyacinthesis Accelerator වැඩසටහනේ පළමු අදියර සාර්ථවක නිමාවට පත්ව තිබේ. Scott Dunn, Conservative Collective සහ Lanka Environment Fund (LEF) සහයෝගය ලබා දෙන එම වැඩසටහන The Foundation For A Good Life සමාගම, Good Life X (GLX) සමග අත්වැල් බැඳ ගනිමින් දියත් කරයි.

Ima Water Hyacinth (හම්බන්තොට), Sustain U (බණ්ඩාරගම), JJ Products (ඇහැටුවැව), කුමාරි අත්කම් (ගල්ගමුව) සහ Pradeepa Eco Products (බිංගිරිය) එම වැඩසටහනේ පළමු කණ්ඩායමේ ව්‍යවසායකින් වූ අතර, ඉහත ප්‍රදර්ශන අවස්ථා දෙකෙහිදී ම ඔවුන්ගේ නව නිෂ්පාදන හඳුන්වා දීමට නියමිතය. 2026 නොවැම්බර් මස 13 වනදා, ආරාධිතයින්ට පමණක් වෙන් වූ ප්‍රදර්ශන උළෙලක් පැවැත්වෙන අතර, නොවැම්බර් මස 14 වනදා Good Market හිදී මහජනතාව වෙනුවෙන් නිෂ්පාදන අලෙවි කිරීම සිදු කෙරේ.

"චක්‍රීය බව යනු, අපතේ යා හැකි අමුද්‍රව්‍යයක් භාවිත කළ හැකි ආකාරය හඳුනා ගැනීමේ සංකල්පයෙන් ඔබ්බට ගොස් එය, දිගු කාලයක් භාවිත කළ හැකි ලෙස අමුද්‍රව්‍යයේ තත්ත්වය වෙනස් කිරීමේ ක්‍රියාවලියයි. Hyacinthesis Accelerator වැඩසටහන යටතේ අප, පාරිසරික වගකීම පදනම් කර ගනිමින් අමුද්‍රව්‍ය ( ජපන් ජබර) සඳහා අගය නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා," යනුවෙන් Hyacinthesis Accelerator වැඩසටහනේ පළමු කණ්ඩායමේ ව්‍යාපෘති ප්‍රධානී ලොනාලි රොද්‍රිගෝ සඳහන් කළාය.

පළමු කණ්ඩායමේ සෑම ව්‍යවසායක්ම මූලික පරික්ෂාවකට ලක් කිරීමෙන් පසුව, නිශ්චිත සංවර්ධන අවශ්‍යතාවලට විසඳුම් ලබා දිය හැකි විශේෂිත ව්‍යාපාරික පරිවර්තන සැලසුමක් හඳුන්වා දෙන ලදි. තවද, මේ යටතේ සංවිධාන කෙරුණු වැඩමුළු පෙළක් යටතේ ව්‍යාපාරික මූලධර්ම, තිරසාරත්වය සහ පාරිසරික භාවිතය,  සැපයුම් දාම කළමනාකරණය,  භාණ්ඩ නිර්මාණකරණය, මුල්‍යකරණය, සන්නාමකරණය සහ අලෙවිකරණය යන අංශ ආවරණය කෙරිණි. පාරිභෝගික භාණ්ඩ සහ පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය නියෝජනය කරන නිෂ්පාදන සැකසුම් නිර්මාණ ශිල්පීන්, තාක්ෂණික විශේෂඥයන් සහ ගැනුම්කරුවන් සමග කටයුතු කරමින් වෙළෙඳපොළ අවස්ථා හඳුනා ගැනීමටත්, සිය සබඳතා ජාලය ශක්තිමත් කර ගැනීමටත් සහභාගී වූ මෙම ව්‍යවසායකයන් හට වටිනා අවස්ථා රාශියක් මෙම වැඩසටහන හරහා හිමි විය.

"ව්‍යවසායක හැකියාව සහ වෙළෙඳපොළ ඉල්ලුම සමග අමුද්‍රව්‍ය නවෝත්පාදනය සම්බන්ධ කිරීම මගින් Hyacinthesis Accelerator වැඩසටහන, ශ්‍රී ලංකාව තුළ ආර්ථිකමය සහ පාරිසරික තිරසාරත්ව අගය දාමයක් ගොඩනැගීමට අවශ්‍ය පදනම සකස් කරමින් සිටිනවා. වගකීම්සහගත ලෙස අමුද්‍රව්‍ය භාවිතය, වාණිජ මට්ටමේ අවස්ථා සහ තිරසර ජීවනෝපාය යන අංශ එකිනෙක සම්බන්ධ කිරීම අපගේ මූලික අරමුණයි," යනුවෙන් Hyacinthesis Accelerator වැඩසටහනේ ව්‍යාපාරික සහ තාක්ෂණික විශේෂඥ ප්‍රබුද්ධ බටුවත්ත අදහස් පළ කළේය. 
Hyacinthesis Accelerator වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු, Good Life X සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. එම වැඩසටහනේ දෙවන කණ්ඩායම සඳහා 2026 නොවැම්බර් මසදී අයදුම්පත් කැඳවීමට නියමිතය. ජීව අඟුරු, ජෛව පොහොර, කඩදාසි සහ ඇසුරුම්කරණය, ප්ලාස්ටික් ආදේශක හෝ විසඳුම් ගොඩනැගීමට ජපන් ජබර භාවිත කරන ව්‍යවසායකයින් හට මේ සඳහා අයදුම් කළ හැකිය.

මුල් සහ පත්‍ර ඉවත් කිරීමෙන් එකතු වී ඇති ජපන් ජබර නටු. ඡායාරූපය: සිල්වෝ ඕගස්ටෝ රුස්මිගෝ
විවීම සඳහා සූදානම් කර ඇති ජපන් ජබර නටු
නිරාවරණ චාරිකාවක් අතරතුරදී, දැනුම බෙදාහදා ගැනීමේ සැසියකට සහභාගී වූ Hyacinthesis පළමු කණ්ඩායමේ සාමාජිකයින්. ඡායාරූපය: සිල්වෝ ඕගස්ටෝ රුස්මිගෝ
Hyacinthesis ව්‍යාපෘතියේ පළමු කණ්ඩායමේ සාමාජිකයෙකු වූ "කුමාරි අත්කම්" හි අත්කම් ශිල්පීන්. ඡායාරූපය: සිල්වෝ ඕගස්ටෝ රුස්මිගෝ


සේයා රූ සටහන්: මෙම ආක්‍රමණශීලී ජලජ ශාඛය පැතිරී ඇති ජල තලයට පසුපසින් සම්පූර්ණ ජපන් ජබර ශාඛයක් දිස් වේ

MostRead
VideoStories
Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%