
අද (13) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් වාර්තා විය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) දින 2027 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු පසුබිමක, අද දිනයේ දී මෙයාකාරයෙන් කොටස් වෙළෙඳපොළ පහළ යාමක් වාර්තා වීම විශේෂත්වයකි.
දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 133.22කින් පහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 22,024.18ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 71.85කින් පහළ යාමක් වාර්තා කරමින් ඒකක 6,293.72ක් ලෙසින් සටහන් විය.
සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට, අද දිනයේ දී සමාගම් 159ක මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව පහළ යාම හේතු වූ අතර එහිදී HNB, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, LOLC හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව සහ සිංගර් ශ්‍රී ලංකා යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම් ප්‍රධාන වශයෙන් බලපාන ලදී.
මේ අතර වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් මේ වන විට විශාලතම ලැයිස්තුගත සමාගම වන ඩයලොග් ආසියාටා හි කොටස් මිල වාර්තාගත රු. 50 සීමාව ඉක්මවා අද දින ගනුදෙනු වීම විශේෂත්වයකි. එහි කොටසක අද අවසන් ගනුදෙනු මිල දැක්වුණේ රු. 50.20ක් ලෙසිනි.
අද දින රු. බිලියන 3.23ක පිරිවැටුමක් වාර්තා වී තිබුණි.





















