අක්‍රීය Google ගිණුම් ඉවත් කිරීමේ තීරණයක්

    May, 17, 2023

    වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බව Google (Alphabet Inc) සමාගම පවසයි. පසුගිය 2022 දෙසැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම් මෙලෙස මකා දැමීමට Google සමාගම තීරණය කර ඇත. ගිණුම් වෙත අනවසර ඇතුල්වීම වැළැක්වීම ඇතුළු ආරක්ෂක තර්ජන වැළැක්වීමේ පියවරක් ලෙසින් සමාගම මෙම තීරණයට එළඹ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

    Google ගිණුමක් අවම වශයෙන් වසර දෙකක්වත් භාවිතා කර හෝ පුරනය වී නොමැති නම් එම ගිණුම මෙලෙස ඉවත් කෙරෙනු ඇති අතර එහිදී Gmail, Docs, Drive, Meet සහ Calendar මෙන්ම YouTube සහ Google ඇතුළු Google Workspace අන්තර්ගතයන් සියල්ල ද මැකී යනු ඇත.

    මෙම ප්‍රතිපත්තිය පුද්ගලික Google ගිණුම් සඳහා පමණක් අදාල වන අතර පාසැල්, ව්‍යාපාර වැනි සංවිධානවලට එය අදාළ නොවේ.

    මේ අනුව Google  විසින් අදාළ ගිණුම් මකා දැමීමට පෙර ඊයේ (16) දින සිට එම ඊමේල් ලිපිනයන්ට සහ අක්‍රිය ගිණුම්වල ප්‍රතිසාධන ඊමේල් ලිපිනයන් (recovery mail) වෙත බහුවිධ දැනුම්දීම් (multiple notifications) සිදුකිරීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.