අඛණ්ඩව සයවෙනි දිනටත් කොටස් වෙළෙඳපොළ ඉහළට

    May, 19, 2025

    නව සතියක ආරම්භක ගනුදෙනු දිනය වූ අද (19) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් දක්නට ලැබී තිබේ.

    ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 18.29 කින් ඉහළ ගොස් ඒකක 16,397.68 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 14.37කින් ඉහළ ගොස් ඒකක 4,835.04 ක් ලෙසත් අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන්ව තිබුණි.

    ප්‍රධාන වශයෙන් සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට හැටන් නැෂනල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සෙලාන් බැංකුව, CT හෝල්ඩිංග්ස් හා කොමර්ෂල් බැංකුව යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.

    කෙසේවෙතත් සමාගම් 81 ක කොටස් මිල ගණන් අද දින ඉහළ ගොස් තිබියදී සමාගම් 108 ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂය පහළ ගොස් තිබීම නිරීක්ෂණය කළ හැකිවිය.

    රු. බිලියන 2.6ක ගනුදනෙු පිරිවැටුමක් අද දින වාර්තා විය.

    අද දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩව සයවෙනි දිනට වීම විශේෂත්වයකි.