අගෝස්තු මාසයේ ලක්ෂ 2කට ආසන්න සංචාරකයන් පිරිසක් දිවයිනට

    September, 2, 2025

    2025 අගෝස්තු මාසයේ සමස්ථ සංචාරක පැමිණීම 198,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,566,523ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    අගෝස්තු මාසයේ වැඩිම සංචාරක පැමිණීමක් වන 8,481ක සංචාරකයින් පිරිසක් අගෝස්තු 2 වන දින මෙරටට පැමිණ ඇති අතර එම කාස සීමාව තුළ වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණි රට ලෙස ඉන්දියාව වාර්තා වී ඇත.

    2025 වසරේ ගත වූ පළමු මාස 8ක කාල සීමාව තුළ වැඩිම සංචාරක පිරිසක් වන 325,595ක සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 151,141ක්, රුසියාවෙන් සංචාරකයින් 118,916ක් සහ ජර්මනියෙන් සංචාරකයින් 97,644ක් ලෙස වැරඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.