February, 19, 2021
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (19) දිනය තුළ දී ඒකක 61.58 ක වර්ධනයක් වාර්තා කළේය. කෙසේ වෙතත් මෙම සතිය තුළ සමස්ත ක්‍රියාකාරීත්වය සැලකීමේ දී පසුගිය සතිය අවසානයේ දී වාර්තා වූ ඒකක 7,985.00 ට වඩා ඒකක 187.06 කින් පහළ යාමක් නිරීක්ෂණය වේ. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,797.94 ක් ලෙසින් සටහන් විය.
අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.48 කි. එසේම මෙම සතියේ දින 5 තුළ වාර්තා වූ සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 20.43 ක් ලෙසින් සටහන්ව ඇත. කෙසේවෙතත් පූර්ව සතියේ වාර්තා වූ රු. බිලියන 24.42 ට වඩා මෙම සතියේ දී ගනුදෙනු පිරිවැටුම 16% කින් පහළ ගොස් තිබේ.
මේ අතර පසුගිය සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. බිලියන 3,491.26 ක් ලෙසින් දැක්වුණු අතර අද දින එය රු. බිලියන 3,410.30 ක් ලෙසින් මෙම සතිය අවසානයේ දී සටහන් වේ. ඒ අනුව මෙම සතිය තුළ දී රු. බිලියන 80 ක් කොටස් වෙළෙඳපොළට අහිමි වී තිබේ.
Video Story