February, 2, 2021
කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (02) දිනයේ ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 3,499.56 ක් ලෙසින් වාර්තා විය.
මෙම අගය ඊයේ (01) දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහනු වූයේ රු. බිලියන 3,744.99 ක් ලෙසිනි.
මේ අනුව අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 245.43 කින් පහළ ගොස් තිබේ.
සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ අදාළ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත. මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ.
Video Story