May, 21, 2025
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (21) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රු. මිලියන 157,500 ක ලංසු අනුමත කර තිබේ.
මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 157,500 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඊට එම ප්‍රමාණය මෙන් දෙගුණයක් ඉක්මවූ, එනම් රු. මිලියන 377,388ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබීම විශේෂත්වයකි.
වෙන්දේසියේ දී දින 91 පොලී අනුපාතිකය 7.65% මට්ටමේම නොවනෙස්ව පැවති අතර දින 182 හා දින 364 බිල්පත් පොලී අනුපාතික පදනම් අංක 1 බැගින් 7.97% හා 8.29% දක්වා පහළ ගොස් තිබුණි.
මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

Video Story