අධ්‍යාපන කටයුතු සඳහා online වීඩියෝ සම්මන්ත්‍රණ යොදාගැනීමට ICTA ආයතනයෙන් තාක්ෂණික පහසුකම් හා පුහුණුව

    March, 5, 2021

    පවතින කොවිඩ් වසංගත තත්වයන් තුල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අන්තර්ජාල  වීඩියෝ  (online) සම්මන්ත්‍රණ  වඩාත් පලදායි ලෙස භාවිතා කිරීමට අවශ්‍යය තාක්ෂණික  පහසුකම් හා පුහුණුව ලබා දීමට  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)  වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කරයි. ඒ අනුව  www.mytutor.edu.lk වෙබ් අඩවියේ ලියාපදිංචි උපකාරක පන්ති ගුරුවරුන්  සිය දෙනෙකු 100 මුල් අදියර යටතේ පුහුණු කෙරෙනු ඇත. ඒ සදහා ශ්‍රී ලංකා ewis ආයතනය සහාය වේ. ඒ සම්බන්ධ වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී පසුගිය 2 දා සිදුකෙරිණ .

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ  සහ  ewis ආයතනයේ  සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී  සංජීව  වික්‍රමනායක මෙම අවබෝධතා ගිවිසුම  අත්සන් කරන ලදී.

    මේ අවස්ථාවට  හර්ෂ රන්දෙනි  (මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ   තාක්ෂණික විකුණුම් කළමනාකරු) හසිත  අබේවර්ධන (මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකාව සහ මාලදිවයින  - කළමනාකරු) මනූජා සෝමරත්න (සාමාන්‍යාධිකාරී, ewis   වෘත්තීය පුහුණු) ආචාර්ය රොහාන්ත රොඩ්රිගෝ (ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරී, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය)  යන අය සහභාගි වූහ .