July, 1, 2025
අප්‍රේල් මාසයේ උත්සව සමය හමුවේ මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්ත්වයට පත් වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කරන කළහ.
ප්‍රතිචාර දැක්වූවන් විසින් වාර්තා කළ පරිදි, මැයි මාසය තුළ දී, විශේෂයෙන් මාර්ග සංවර්ධන කටයුතුවල නව ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර, එය නව ඇණවුම් දර්ශකයේ ඉහළ යෑමට හේතු විය.
සමස්ත ක්‍රියාකාරකම් සහ නව ඇණවුම්වල වැඩිවීමට සමගාමීව තොග මිලදී ගැනුම් දර්ශකය ද මාසය තුළ දී ඉහළ ගියේය.
මේ අතර, මැයි මාසයේ දී සේවා නියුක්ති දර්ශකය අඩු වේගයකින් පහත වැටුණි. තවද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මැයි මාසය තුළ දී පහත වැටුණි.

Video Story