අමෙරිකාවෙන් මෙරටට පැනවෙන 40%ක් වූ තීරු බද්ද මෙරට අපනයනය ක්ෂේත්‍රයට කුමන බලපෑමක් එල්ල කරයි ද?

    July, 11, 2025

    අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ 30% අන්‍යෝන්‍ය තීරුබදුවලින් එල්ලවන බලපෑම වළක්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය, විවිධාංගීකරණයට ලක්විය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ මෙරට ඇඟලුම් කර්මාන්තය පිළිබඳ සලකා බැලීමේ දී, ශ්‍රී ලංකාව තරග කරනු ලබන්නේ වියට්නාමය, බංගලාදේශය, සහ ඇතැම් අප්‍රිකානු රටවල් සමඟ වන බැවින් එවැනි රටවල වැටුප් මට්ටම මෙරට වැටුප් මට්ටම් වලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර ඒ අනුව 30%ක තීරු බදු ප්‍රතිශතයක් යනු ශ්‍රී ලංකාවට ඉහළ බදු ප්‍රතිශතයක් බවයි.

    කෙසේවෙතත්, අමෙරිකාව අලුතින් පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු 30%ට අමතරව දැනට පවතින 10%ක තීරු බදු ද එක්වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් පැනවෙන සමස්ත තීරු බදු ප්‍රතිශතය 40%කි.

    "ගෝලීය සන්දර්භයත් එක්ක සලකලා බැලුවම 30%ක තීරු බදු ප්‍රතිශතය කියන්නෙත් තරමක් ඉහළ ප්‍රමාණයක්. මොකද ඇඟලුම් කර්මාන්තය ගත්තොත් අපි තරග කරන්නේ වියට්නාමය, බංගලාදේශය, සමහර අප්‍රිකානු රටවල් එක්ක. අපි ගත්තොත් මේ රටවල ඇත්තටම වැටුප් මට්ටම ශ්‍රී ලංකාවේ මිලට වැඩිය අඩුයි. එතකොට මේ රටවල් සමඟ මේ අවස්ථාවේ අපි අපහසුතාවයකට මුහුණ දෙනවා. අපේ මිල වැඩි වීම බංගලාදේශේ මිලත් එක්ක සලකලා බැලුවොත් බංගලාදේශේ නිපදවන භාණ්ඩයක මිල ඒගොල්ලන්ගේ මිල අඩු වීම නිසා ලංකාවේ නිපදවන භාණ්ඩයක මිලට වඩා අඩු වීමේ ප්‍රතිශකය ඉතාම වැඩි. දීර්ඝ කාලීනව මේක බැලුවොතින් ශ්‍රී ලංකාවට සිද්ධ වෙනවා ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණය කරන්න. ප්‍රධාන වශයෙන්ම අපනයනය කරන භාණ්ඩත් විවිධාංගීකරණය කරන්න ඕන. ඊට අමතරව අපනයනය කරන රටවලුත් විවිධාංගීකරණය කරන්න ඕන."