අයවැය දවසේ මහ බැංකුවෙන් ට්‍රිලියන කාලක බැඳුම්කර වෙන්දේසියක්

    November, 9, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුව එළඹෙන නොවැම්බර් 13 වන දින රු. මිලියන 250,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට නියමිත බව දැනුම් දී සිටී.

    මෙය මෙතෙක් ඉතිහාසයේ එක් වරක දී නිකුත් කිරීමට නියමිත වටිනාකමින් වැඩිම බැඳුම්කර නිකුතුව ලෙසින් හැඳින්විය හැකිය.

    කාණ්ඩ 3ක් යටතේ මෙම වෙන්දේසිය පැවැත්වෙන අතර එහිදී 2027 ජනවාරි 15 දින කල්පිරෙන අයුරින් රු. මිලියන 60,000 ක්, 2028 මාර්තු 15 දින කල්පිරෙන අයුරින් රු. මිලියන 110,000 ක් සහ 2031 මාර්තු 15 දින කල්පිරෙන අයුරින් රු. මිලියන 80,000 ක් බැගින් වන පරිදි මෙම බැඳුම්කර නිකුතුව සිදුකෙරෙනු ඇත.

    රු. මිලියන 250,000 ක් යනු රු. බිලියන 250 කි. එනම් රු. ට්‍රිලියන 1/4 ක ප්‍රමාණයකි.

    2023 නොවැම්බර් 13 දින 2024 වසරෙ සඳහා වන අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.