අලුත්ම හිල්ටන් හෝටලය යාල දී

    June, 6, 2023

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට එකතු වීමට නියමිත අලුත්ම හෝටලය, Hilton Yala Resort එළඹෙන අගෝස්තු මාසයේ දී විවෘත කිරීමට මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබේ.

    මෙය ශ්‍රී ලංකාවේ නැගෙනහිර තීරයේ එළිදකින පළමු ‘හිල්ටන්‘ හෝටලයයි.

    Hilton Yala Resort අතිසුඛෝපභෝගී විලා 42 කින් සමන්විතය.

    පසුගිය 2017 වසරේ දී Hilton හෝටල් සමූහය සහ Melwa Hotels & Resorts Private Limited අතර කළමනාකරණ ගිවිසුමක් අත්සන් තැබුණි. ඒ Melwa Hotels & Resorts Private Limited විසින් මෙරට හෝටල් 6 ක් ඉදිකිරීම සඳහා යි. මෙම හෝටල්වල මෙහෙයුම් කටයුතු හිල්ටන් හොටේල්ස් විසින් සිදුකරනු ඇත.

    මෙලෙස ආරම්භ කිරීම සඳහා ගිවිසුම් අත්සන් තැබුණු හෝටල් 6 පහත පරිදි වේ.

    • Hilton Kandy Resort
    • Hilton Yala Resort & Spa
    • Hilton Kosgoda Resort
    • DoubleTree by Hilton Nuwara-Eliya
    • DoubleTree by Hilton Colombo International Airport
    • DoubleTree by Hilton Negombo

    2020 සහ 2021 වසරවල දී මෙම හෝටල් විවෘත කිරීමට සැලසුම් කර තිබුණත් එම වකවානුවේ දේශීය සහ ගෝලීය වශයෙන් උද්ගත වුණු අර්බුදකාරීත්වයන් හමුවේ එකී සැලසුම් ප්‍රමාද වී තිබුණි.

    කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තවත් සුවිශේෂී මංසළකුණක් තබමින් විවෘත වීමට නියමිත Hilton Yala Resort දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ෂණයට පාත්‍රවනු ඇති බවට නොඅනුමාය.