April, 16, 2025
දීර්ඝ සතිඅන්තයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි අද (16) දිනයේ දී මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68කින් ඉහළ ගොස් ඒකක 15,625.88 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 29.95කින් ඉහළ ගොස් ඒකක 4,644.49 ක් ලෙසින් සටහන්ව තිබුණි.
මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වුවද අද දිනයේ දී ගනුදෙනු පිරිවැටුම පසුගිය දින කිහිපය හා සැසඳීමේ දී ඉතා පහළ මට්ටමක පැවතිණි. ඒ අනුව අද දින ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රු. මිලියන 792 ක් ලෙසිනි.
එහිදී දේශීය මිල දී ගැනීම් රු. මිලියන 781 ක් හා දේශීය විකිණුම් රු. මිලියන 730 ක් ලෙසින් සටහන්ව තිබූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 11ක තරම් ඉතා පහළ අගයයක් විය. විදේශීය විකිණුම් අද දින රු. මිලියන 61ක් ලෙසින් වාර්තා වී ඇත.
Video Story