May, 28, 2025
මෙරට පුද්ගලයින්ගේ ජීවන වියදම 2021 වසරට සාපේක්ෂව 2024 වසර වන විට දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ 2024 වාර්ෂික ආර්ථික විවරණයෙන් පිළිබිඹුවන ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳව ඊයේ (27) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති ප්‍රසිද්ධ දේශනයකදී යි.
කෙසේවෙතත් 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ ජීවන වියදම ඉහළ ගොස් ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයකින් බව ද ඔහු එහි දී පවසා සිටියේ ය.
පසුගිය වසර වලට සාපේක්ෂය උද්ධමනය අඩු වීමේ වාසිය මේ වන විට මහජනතාවට හිමිවුවද 2021 වසර හා සැසදීමේ දී මෙරට මහජනතාවට දැනෙන ජීවනබර ඉහළ අගයක් ගන්නා බවයි සහකාර අධිපතිවරයා පෙන්වා දෙන්නෙ.
උද්ධමනය අඩු වීමේ වාසිය දැනට මහජනතාවට ලැබෙනවා. නමුත් 2021ත් එක්ක සංසන්ධනය කරොත් අපිට පේනවා තාමත් ඒ ජීවනබර මහජනතාවට දැනෙන මට්ටමක තියනවා කියලා.
එහි දී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට මෙරට ආර්ථිකයේ පවතින ධන ආර්ථික වර්ධනය හේතුවෙන් ඉදිරියේ දී ක්‍රමක් ක්‍රමයෙන් මහජනතාවට නැති වූ මූර්ත ආදායම නැවතත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
"2021ත් එක්ක බැලුවොත් 2024 අවුරුද්ද වෙනකොට ජීවන වියදම දෙගුණයක් වෙලා තියනවා. හැබැයි 2023ත් 2024ත් සංසන්ධනය කරොත් අපිට පේන්නේ බොහොම අඩු ප්‍රමාණයකින් තමයි 2023 ඉදන් 2024 දක්වා ජීවන වියදම වැඩි වෙලා තියෙන්නේ. උද්ධමනය අඩු වීමේ වාසිය දැනට මහජනතාවට ලැබෙනවා. නමුත් 2021ත් එක්ක සංසන්ධනය කරොත් අපිට පේනවා තාමත් ඒ ජීවනබර මහජනතාවට දැනෙන මට්ටමක තියනවා කියලා. හොද දේ තමයි 2024 අවුරුද්දේ 5%ක ආර්ථික වර්ධනයක් තියනවා අපි හිතනවා ඉදිරියට යනකොටත් ධන ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකා ආර්ථිකයේ දිගටම පවතී කියලා. ඒත් එක්කම ඒ වගේ ආර්ථික වර්ධනයක් පවතින්න ඕන මහජනතාවගේ වැටුප් වැඩි වෙන්න සේවකයන්ගේ, රාජ්‍ය සේවකයන්ගේ වෙන්න පුළුවන් පෞද්ගලික සේවකයන්ගේ වෙන්න පුළුවන් ව්‍යාපාර වල ආදායම වෙන්න පුළුවන් ඒ ආදායම වැඩි වෙන්න ඒ වගේ ආර්ථික වර්ධනයක් පවතින්න ඕන. අපි හිතනවා ඒ වගේ ආර්ථිකයක් ඉදිරියේ දී පවතී. ක්‍රමක් ක්‍රමයෙන් මහජනතාවට නැති වූ මූර්ත ආදායම නැවත ඒ වගේ ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. "
Video Story