• Ada Derana BIZ Sinhala
  • Parliament
  • Solar panels
  • sri lanka

ආගමික ස්ථානවලට සූර්ය පැනල

September, 20, 2022

ආගමික ස්ථානවල විදුලි බිල කළමනාකරණය කිරීම සඳහා සූර්ය පැනල සවි කිරීමට කටයුතු කරන ලෙස තමන් රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (20) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

තව ද අමාත්‍යවරයා පවසා සිටියේ රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක සූර්ය පැනල සවිකිරීම ආරම්භ කර තිබෙන බවත්, පාර්ලිමේන්තුවට ද සූර්ය පැනල සවි කළ හැකි අතර ඒ සඳහා තාක්ෂණික සහාය ලබාදිය හැකි බවත් ය.

මේ අතර අඩු ආදායම්ලාභී පවුල් ජීවත්වන නිවාස වහලය මත සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිට නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

''ආගමික සිද්ධස්ථාන හැටියට, විදුලි සබඳතා 48682ක් සම්බන්ධතා තිබෙනවා.ඒකක 30ක් දක්වා විදුලිය භාවිතා කරන්නේ 15195ක්. මේ සංශෝධනයෙන් පසු ගෙවන්නේ මාසයකට රුපියල් 330ක්. ආගමික සිද්ධස්ථාන 11151ක් ගෙවන්නේ 1260යි මේ සංශෝධනයෙන් පසුව. ආගමික ස්ථාන 3852ක් රුපියල් 1860ක් ගෙවනවා. ඒකක 121-180 අතර 5897ක් ආගමික ස්ථාන රුපියල් 3990ක් ගෙවනවා. මිල වැඩි වූ ප්‍රමාණය 12000ක් විතර සිටින නිසා යෝජනා කරන්නේ, විකල්ප නැති නිසා පුනර්ජනනීය බලශක්තිවලට යන්න වෙනවා, සූර්ය පැනල වහල මත සවි කිරීම. සූර්ය පැනල ක්‍රමයට යා යුතුයි. විදුලි බලය අඩුවෙන් යන විදියට සැලසුම් කළ යුතුයි.ලෝක බැංකුව ,ආසියානු සංවර්ධන බැංකුව, තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කරනවා උදව් ලබාගැනීමට.''