ආලෝකා වැඩිහිටි නිවාසය සම්මානයෙන් පිදුම් ලබයි

    September, 19, 2025

    පානදුර පිංවත්ත ආලෝකා වැඩිහිටි නිවාසය පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අඛණ්ඩව 6 වැනි වරටත් පැවැත්වුණු Sri Lankan Top 100  සම්මාන උලෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීය. ආලෝකා වැඩිහිටි නිවාසය පිහිටා ඇත්තේ පානදුර පිංවත්ත සද්ධර්මාකර පිරිවෙණට අයත් භූමි භාගයේය.

    මෙම වැඩිහිටි නිවාසයට අවුරුදු 13ක ඉතිහාසයක් ඇති අතර ආලෝකා මානව සංවර්ධන පදනම විසින් මානුෂීය හදවත් ඇති මිනිසුන්ගේ උපකාර මත එය පාලනය කරනු ලබයි. ආලෝකා මානව සංවර්ධන පදනමේ ප්‍රධාන පාලක පියල් ප්‍රනාන්දු මහතාට අනුව ආලෝකා වැඩිහිටි නිවාසයේ දැනට නේවාසිකයන් සියයක් පමණ සිටින අතර ඉන් හතළිස් දෙනෙක් පමණ විශේෂ අවශ්‍යතා සහිත අය ලෙස කාලය ගත කරති.

    මෙම සම්මානය තමාගේ මෙන්ම ආලෝකා වැඩිහිටි නිවාසයට මේ දක්වා උපකාර කළ සියලුම දෙනාගේ  සහ කාර්ය මණ්ඩලයේ කැපවීම මත  ලැබූ ජයග්‍රහණයක් බව  පාලනාධිකාරී පියල්  ගුරුගේ මහතා ප්‍රකශ කළ අතර කාර්ය මණ්ඩලයට, දානපතියන්ට මෙන්ම ජනමාධ්‍ය ආයතන වෙතද ස්තූතිය පළ කළේය.