ඇමරිකානු සංචාරකයින් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

    August, 17, 2023

    සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් අද (17) දින පවත්වා තිබේ.

    මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසන්නේ, ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනය උදෙසා ඇමරිකාවේ සහය ලබා ගැනීම හා ඇමරිකානු සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා වූ බවයි.

    කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දී මෙම හමුව පවත්වා ඇත.