ඇමරිකාවෙන් නිවේදනයක්. වරාය නගරය ඉදිකරන සමාගම ඇතුළු 24කට සම්බාධක පනවයි

    September, 4, 2020

    දකුණු චීන මුහුදේ ආරවුලට තුඩු දී ඇති ප්‍රත්‍යන්තර ස්ථානය සිදුකෙරෙන මහාපරිමාණ ගොඩකිරීම්, ඉදිකිරම් හෝ හමුදාකරණය සඳහා හෝ අග්නිදිග ආසියානු හිමිකම් පාන්නන් අක්වෙරළ සම්පත් කරා ප්‍රවේශවීම සීමා කිරීමේ අරමුණින් මහජන චීන ජනරජය විසින් ඔවුන් වෙත බලාත්කාරය යෙදවීම සඳහා වගකිවයුතු හෝ සහාය දෙන මහජන චීන ජනරජ පුද්ගලයින් මත වීසා සීමාකිරීම් පැනවීමට එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපර්තමේන්තුව විසින් අගෝස්තු 26 වැනි දින කටයුතු කර තිබේ.

    දැන්, එම පුද්ගලයින්ට එක්සත් ඇතුළුවීමට නොහැකි වනු ඇති අතර, ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයින් ද මෙම වීසා සීමා කිරීම් සඳහා පාත්‍රවීමට ඉඩ තිබේ. තවද China Communications Construction Company (CCCC) සමාගමේ පරිපාලිත සමාගම් කිහිපයක් ද ඇතුළුව, මහජන චීන ජනරජයට අයත් රාජ්‍ය ව්‍යාපාර 24ක් ද වාණිජ දෙපාර්තමේන්තුව (Department of Commerce විසින් අස්ථිත්ව ලැයිස්තුවට ට (Entity List) ඇතුළත් කර තිබේ. මෙම සම්බාධක යටතේ, එක්සත් ජනපදයේ උත්පාදිත ඇතැම් භාණ්ඩ ඉහත කී අස්ථිත්ව ලැයිස්තුවට ඇතුළත් වී තිබෙන සමාගමක් වෙත ලබාදීමට ප්‍රථමයෙන් අපනයන පරිපාලන රෙගුලාසි යටතේ බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය විය හැකිය.

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය දියත් කරනු ලබන CHEC Port City Colombo (Pvt) සමාගම China Communications Construction Company (CCCC) හි පරිපාලිත සමාගමකි.

    කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙක් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.