ඉන්ධන මිල වැඩි කළ යුතු අයුරු මහ බැංකුව කියයි

    March, 4, 2022

    වත්මන් ආර්ථික අභියෝග ජයගැනීම සඳහා මහ බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය වීමට රජය විසින් ඒකාබද්ධ ප්‍රයත්න කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    2022 අංක 02 මුදල් ප්‍රතිපත්ති විවරණය හරහා රජයේ ආර්ථික හා මූල්‍ය උපදේශක ලෙස කරුණු 8 ක් සඳහන් කරමින් ඒවා කඩිනමින් සලකා බලන ලෙන මහ බැංකුව රජයෙන් ඉල්ලා සිටී.

    එම කරුණු 8 න් එකක් වන්නේ, පිරිවැය පිළිබිඹු කිරීම සඳහා කඩිනමින් ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ නැංවිය යුතු බවයි.

    මේ අතර අද (04) පැවති මාධ්‍ය හමුවක දී, ඉන්ධන මිල කොපමණ අගයයකින් ඉහළ නැංවිය යුතු බවට මහ බැංකුව නිර්දේශ කරන්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් විමසා සිටියේය.

    ඊට ප්‍රතිචාර දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

    “අපි කියලා තියෙන්නේ අඩුතරමින් පිරිවැය ආවරණය කිරීම සඳහාවත් ඒ මිල වැඩිකිරීම කරන්නට අවශ්‍යයි. ලාභයක් ගන්න නෙමෙයි, පිරිවැය ආවරණය කිරීම සඳහා මිල වැඩි කළ යුතු බවට ඉල්ලීම අපි කරලා තියෙනවා.“