ඉලෙක්ට්‍රික් බයිසිකල් නිෂ්පාදනයට රජයේ අතහිත

    August, 30, 2022

    ඉන්ධන භාවිතයෙන් ධාවනය වන වාහන ප‍්‍රමාණය අඩු කිරීම සඳහා විදුලියෙන් ක‍්‍රියාත්මක වන පාපැදි (Electric bicycles) දේශීය කර්මාන්තයක් ලෙස දිරි ගැන්විය යුතු බව මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසංහ මහතා පවසයි.

    මෙලෙස සියයට 50 කට වඩා එකතු කළ අගයක් සහිතව දේශීයව නිෂ්පාදනය කරනු ලබන විදුලියෙන් ධාවනය කරන පාපැදි නිෂ්පාදනයේ දී අවශ්‍ය ආනයනික උපාංග සඳහා බදු සහන ලබා දීමට ද කටයුතු කරන බව ද මුදල් අමාත්‍යවරයා පවසා සිටියේය.

    ඔහු මේ බව පවසා සිටියේ අද (30) 2022 අතුරු අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යි. 

    “ඉන්ධන භාවිතයෙන් ධාවනය වන වාහන ප‍්‍රමාණය අඩු කිරීම සඳහා විදුලියෙන් ක‍්‍රියාත්මක වන පාපැදි (Electric bicycles) දේශීය කර්මාන්තයක් ලෙස දිරි ගැන්විය යුතු වනවා. එබැවින්, සියයට 50 කට වඩා එකතු කළ අගයක් සහිතව දේශීයව නිෂ්පාදනය කරනු ලබන විදුලියෙන් ධාවනය කරන පාපැදි නිෂ්පාදනයේ දී අවශ්‍ය ආනයනික උපාංග/කොටස් සඳහා බදු සහන ලබා දීමට කටයුතු කරනවා.“