ඉහළ උච්ඡාවචන මැද සියලු කොටස් ඒකක 87කින් ඉහළට

    October, 22, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (22) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 87.22කින් ඉහළ යන ලදී. එය පෙර දිනයට සාපේක්ෂව 1.53% ක වර්ධනයක් වේ. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 5,771.89 ක් ලෙසිනි.

    මේ අතර අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.27 ක් ලෙසින් වාර්තා විය.

    දිනයේ ගනුදෙනු ආරම්භ වී කෙටිකාලයක් තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,617.33 ක් දක්වා පහළ ගිය අතර මිනිත්තු 30 ක පමණ කාලයක් තුළ එය ඒකක 5,786.32 ක් දක්වා සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළේය.

    ඊයේ දිනයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 249 ක දැවැන්ත පසුබැස්මක් වාර්තා කළේය.