• Ada Derana BIZ Sinhala
  • DIMO
  • sri lanka

ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන්  DIMO ඇගයීමට ලක්වේ 

December, 16, 2022

2022 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී 'සමස්ත රන් සම්මානය' දිනා ගැනීමට සමත් වූ DIMO සමාගම එම සම්මාන උලෙළේ දී ම  'විශිෂ්ට ඒකාබද්ධ වාර්තා පහසඳහා, 'ඒකාබද්ධ චින්තනය' සඳහා මෙන් ම  2021/2022 වාර්ෂික වාර්තාව සඳහා 'හොඳම සංක්ෂිප්ත ඒකාබද්ධ වාර්තාවට' ද හිමි විශේෂ සම්මාන දිනා ගැනීමට සමත් විය.

'ශ්‍රී ලංකාව අවස්ථාවන්ගෙන් පිරී ඇත' යන තේමාව මුල් කර ගනිමින් සැකසුණු, DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව එම සමාගම් සමූහයේ අනාගත සාර්ථකත්වය සඳහා ඇති අවස්ථා ග්‍රහණය කර ගනිමින් නිර්මාණය වී ඇත.

සමාගමේ ඒකාබද්ධ වාර්තාකරණයේ සාර්ථකත්වය  පිළිබඳ ව සිය අදහස් දැක්වූ DIMO අධ්‍යක්ෂ / ප්‍රධාන මුල්‍ය නිලධාරී සුරේෂ් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, "මුල්‍ය වාර්තාකරණයට නවෝත්පාදනයන් ගෙන එන අතරම, ඒකාබද්ධ වාර්තාකරණ මූලධර්මවලට අනුකූලව කටයුතු කිරීමට DIMO කැපවීම, අපට වාර්ෂික වාර්තා වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූ සම්මාන වලින් පිළිබිඹු  වෙනවා. එම නිසා ම වගකිව යුතු ආයතනයක් විදියට අපගේ සියලු ම පාර්ශවකරුවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමට අපට හැකි වෙලා තිබෙනවා." යනුවෙනි.