February, 14, 2024
අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරකම් කෙරෙහි රජය විමසිල්ලෙන් සිටින බවත්, පීඩාවට පත් ජනතාව කෙරෙහි දැඩි අවධානය යොමු කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ එම සමාගම්වල ක්‍රියාකාරම් නියාමනය සඳහා බවයි. අදාළ කෙටුම්පත මේ වන විට පාර්ශ්ව කිහිපයක් විසින් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති අතර ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
ණය ලබා ගැනීම හේතුවෙන් පීඩාවට පත් පාර්ශ්ව වෙතින් මේ පිළිබඳ අදහස් ලබා ගෙන ඇති අතර මූල්‍ය ආයතන සමග ද සාකච්ඡා කිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා කියා සිටියේ. අවසානයේ වඩාත් විධිමත් නියාමනයක් මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල සේවය ජනතාව වෙත ලැබෙන වැඩපිළිවෙළක් සකස් කිරීම රජයේ අපේක්ෂාවයි.
මේ අතර බහුල ලෙස ප්‍රචලිත වෙමින් පවතින මාර්ග ගත ක්‍රමයට ණය ලබා දෙන ආයතන නියාමනයට යටත් කරන ආකාරය පිළබද රජයේ අවධානය යොමු වී ඇති බව සේමසිංහ මහතා පවසයි. එමගින් ද විවිධ පීඩාවන්ට පත් වූ පුද්ගලයන්ගේ අදහස් ද ලැබී ඇති අතර ණය දෙන සමාගම් කිහිපයක් සමග ද සාකච්ඡා පවත්වා ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
Video Story