කටාර් ගුවන් සේවය දෛනිකව කොළඹ සහ දෝහා කටාර් වෙත ගුවන් ගමන් වාර සංඛ්‍යාව 5 දක්වා වැඩි කරයි

    June, 20, 2023

    කටාර් ගුවන් සමාගම 2023 ජුනි මස 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි දෛනිකව කොළඹ සහ දෝහා කටාර් වෙත ගුවන් ගමන් වාර සංඛ්‍යාව 5 දක්වා ඉහළ දමා ඇත.

    මෙම ඉහළ දමන ලද ගුවන් ගමන් වාර සංඛ්‍යාව හේතුවෙන් ලොව පුරා ගමනාන්ත 160 කට වඩා වැඩි ප්‍රමාණයකට සම්බන්ධ විය හැකිය.

    මේ වන විට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හරහා‌ කටාර් ගුවන් සේවය මගින් සතියකට ආසන්න වශයෙන් ගුවන් මගීන් 21,000 පමණ හසුරුවනු ලබයි.

    කටාර් ගුවන් සේවය වෙත මෙම ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා පහසුකම් සැපයීමට කටයුතු කිරීමට ලැබීම සම්බන්ධව ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම ඉමහත් සතුටට පත්වන අතර එය රටේ සංවර්ධනයට ද මහත් පිටුවහලක් වනු ඇත.