කම්කරු දෙපාර්තමේන්තුවේ අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීම් අංශ හෙට අනිද්දා වැසේ

    May, 11, 2021

    කොවිඩ් 19 ව්යාප්තිය පාලනය කිරීම අරමුණු කරගනිමින් 2021.05.12 හා 13 යන දෙදින කම්කරු දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයේ හා ප්රාදේශීය කාර්යාල වල සේවක අර්ථ සාධක අරමුදල් ප්රතිලාභ ගෙවීමේ අංශ වසා තැබීමට කටයුතු කරන බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. 

    2021-05-17 දින සිට ප්රධාන කාර්යාලය හා දිස්ත්රික් කාර්යාල  මගින් සිදු කරන සේවක අර්ථසාධක අරමුදල් සාමාන්ය ප්රතිලාභ ගෙවීම් ශාඛාව පමණක් විවෘතව පවතින අතර කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2021.05.03 දින ප්රසිද්ධ කරන ලද මාධ්ය නිවේදනයෙන් දැනුම් දී ඇති පරිදී දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණෙන සේවාලාභීන් සදහා පමණක් සේවා සපයන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    තවද ප්රධාන කාර්යාලයේ හා ප්රාදේශියව ක්රියාත්මක වන කාර්යාල මගින් සේවක අර්ථ සාධක අරමුදල් පුර්ව ප්රතිලභ ගෙවිම් අංශයේ (30%) සේවාවන් ලබා දීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.