කැලණිවැලි දුම්රිය සංවර්ධනයට පුද්ගලික ආයෝජකයින්ට ආරාධනා

    August, 30, 2022

    දුම්රිය ප්‍රවාහන සේවය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන ලබා ගැනීමේ ආදර්ශ වැඩසටහනක් ලෙසින් කාලණිවැලි දුම්රිය සේවාව සංවර්ධනය කිරීම සඳහා තරඟකාරී ලංසු පදනම මත ආයෝජකයින් තෝරා ගැනීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

    2022 අතුරු අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව යෝජනා කළේය.

    කාර්යක්ෂම හා ගුණාත්මක ප්‍රවාහන සේවයක් ජනතාවට ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන බැවින් මෙම වැඩසටහන හරහා දැනට ඇති යටිතල පහසුකම් යොදා ගනිමින් දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන යොදා ගැනීමට අපේක්ෂා කරනවා.

    මෙහි ආදර්ශ වැඩසටහනක් (Model) ලෙස කැලණිවැලි දුම්රිය සේවාව සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. මෙහිදී ආයෝජකයන් තෝරා ගැනීම තරඟකාරී ලංසු පදනමව සිදුකරනු ලබනවා.