කොටස් වෙළෙඳපොළට සම්බන්ධ ආයතන රැසක ගාස්තුවල වෙනසක්

    January, 17, 2024

    මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ ආයතන ගණනාවකම බලපත්‍ර ගාස්තු, අනුමත කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු යනාදියෙහි සංශෝධන සිදුකරමින් රජයේ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභා පනත යටතේ මෙම නිවේදනය නිකුත් කර ඇත.

    ඒ අනුව,

    • ආයතනික මූල්‍ය උපදේශක
    • ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතන
    • ආයෝජන කළමනාකාර
    • කළමනාකරණ සමාගම්
    • ආන්තික පහසුකම් සපයන්නන්
    • කොටස් තැරැව්කරුවන්
    • කොටස් බෙදුම්කරුවන්
    • ප්‍රාරක්ෂකයින්
    • ව්‍යාපාර වස්තු හුවමාරු
    • නිෂ්කාෂණ ආයතන
    • මධ්‍යම තැන්පතු

    යනා දී ආයතනවලට අදාළ නව ගාස්තු සංශෝධන ව්‍යූහයක් හඳුන්වා දී තිබේ.

    මෙම නව ගාස්තු 2024 පෙබරවාරි 01 සිට බලපැවැත්වෙනු ඇත.

    අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.