කොටස් වෙළෙඳපොළෙන් සුපිරි පෙරළියක්

    August, 2, 2022

    අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉතා සක්‍රීය ස්වභාවයක් ගනු ලැබූ අතර කලකට පසු රු. බිලියන 2 සීමාව ඉක්මවූ දෛනික පිරිවැටුමක් වාර්තා වීම මගින් ඒ බව මනාව තහවුරු වේ.

    මේ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගැ ඒකක 138.95 කින් ඉහළ ගොස් ඒකක 7,907.52 ක් හා S&P SL20 දර්ශකය ඒකක 67.73 කින් ඉහළ ගොස් ඒකක 2,512.82 ක් ලෙස වාර්තා විය. මෙය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 1.79% ක හා 2.77% ක වර්ධනයකි.

    අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් අතර ලංකා IOC, එක්ස්පෝලංකා, හේලීස්, එයිට්කන් ස්පෙන්ස් හා HNB යන සමාගම් කැපී පෙනුණි.

    මිල දර්ශක ඉහළ යාම සඳහා සමාගම් 132 ක්ම ධනාත්මක දායකත්වයක් ලබා දෙන ලදී.