කොටස් වෙළෙඳපොළ අදත් වාර්තාගත ලෙස ඉහළට

    July, 24, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (24) දිනය අවසානයේ යළිත් අලුත් විය.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 136.16කින් ඉහළ ගොස් ඒකක 19,379.24ක් ලෙසින් සටහන් විය.

    අද S&P SL 20 මිල දර්ශකය දැක්වුනේ ඒකක 45.82කින් ඉහළ ගොස් ඒකක 5,735.44ක් ලෙසයි.

    අද සමාගම් 139ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 79කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.

    එහි දී සෙලින්කෝ හෝල්ඩිංග්ස්, සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, NDB බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සිලෝන් ටොබැකෝ කම්පැනි යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

    අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 6.21ක් ලෙසයි.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 5.96ක් හා දේශීය විකිණුම් රු. බිලියන 6.01 ක් ලෙසින් සටහන් වී තිබුණි.

    මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 255ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 206ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.