කොටස් වෙළෙඳපොළ අද පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි

    January, 30, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (30) දිනයේ දී ඒකක 7.77 ක සුළු ඉහළ යාමක් වාර්තා කරන ලදී. කෙසේවෙතත් S&P SL20 දර්ශකය අද දිනයේ දී ඒකක 14.65 ක පහළ යාමක් සටහන් කර තිබුණි.

    මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,305.12 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 2,898.64 ක් ලෙසත් වාර්තා විය.

    අද දින දැකගත හැකි වූ කැපීපනෛන සිදුවීමක් වූයේ දින ගණනාවකට පසු රුපියල් බිලියනය ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබීමයි. ඒ අනුව අද දින සමස්ත පිරිවැටුම රු. බිලියන 1.06 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. මිලියන 864 ක් ලෙසත් දේශීය විකිණුම් රු. මිලියන 782 ක් ලෙසත් වාර්තා වී තිබුණු විදෙස් ආයෝජකයින්ගේ සහභාගීත්වය අද දින සාපේක්ෂව ඉහළ අගයයක් ගෙන තිබුණි.

    එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 204 ක් ලෙසත් විදේශීය විකිණුම් රු. මිලියන 286 ක් ලෙසත් වාර්තා විය.