May, 21, 2025
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක වල ඉහළ යාමක් අද (21) ගණුදෙනු අවසානයේ දක්නට ලැබුණි.
එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.66 කින් ඉහළ ගොස් ඒකක 16,355.91 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 5.17කින් ඉහළ ගොස් ඒකක 4,816.36 ක් ලෙසන් සටහන් විය.
අද දින සමාගම් 95ක කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබූ අතර එහි දී කාර්ගීල්ස් සිලෝන්, ඩයලොග් ආසියාටා, ද කලම්බො ෆෝර්ට් ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩින්ග්, චෙව්රෝන් ලුබ්රිකන්ට්ස් ලංකා සහ CT හෝල්ඩිංග්ස් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට වැඩි දායකත්වයක් ලබා දී තිබුණි.
මේ අතර අද සමාගම් 98ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබූ අතර හේමාස් හෝල්ඩිංග්ස්, එයිට්කන් ස්පෙන්ස්, HNB, LOLC හෝල්ඩිංග්ස් සහ සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට හේතු වී තිබුණි.
අද ගනුදනෙු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 2.42ක් ලෙසයි.
Video Story