August, 14, 2023
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (14) දිනයේ දී ඒකක 203.94 කින් පහළ යන ලදී. එය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.76% ක පහළ යාමක් වන අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,392.22 ක් ලෙසින් සටහන් වී තිබුණි.
මේ අතර S&P SL20 දර්ශකය අද දින ඒකක 109.48 ක් හෙවත් 3.20% ක පහළ යාමක් වාර්තා කරමින් ඒකක 3,311.08 ක් දක්වා පහළ ගියේය.
ප්රධාන වශයෙන් බැංකු සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට බෙහෙවින් බලපාන ලදී. කොමර්ෂල්, HNB, සම්පත් සහ NDB යන බැංකු සමාගම් කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයට ඉහළ සෘණාත්මක දායකත්වයක් ඇති කළ අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් මිල පහළ යාම ද අද දින සියලු කොටස් මිල දර්ශකයට වැඩි වශයෙන් බලපෑම් එල්ල කර තිබුණි.
රු. බිලියන 3.98ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.91 ක් ලෙසත් දේශීය විකිණුම් රු. බිලියන 2.97 ලෙසත් සටහන් වූ අතර රු. බිලියන 1.01 ක විදේශීය විකිණුම් ප්රමාණයක් වාර්තා වී තිබීම විශේෂත්වයකි. අද දින විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 66 ක් තරම් පහළ අගයක පැවතුණි.
Video Story