කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අතරමඟ නවතී

    February, 11, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (11) පෙරවරු 11.45 ට අත්හිටුවන ලදී.

    පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශක අගය 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම මීට හේතුවයි.

    පස්වරු 12.15 ට ගනුදෙනු යළි ආරම්භ වීමට නියමිතය.

    දෛනික සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලබන අවස්ථාවේ දී පෙර දිනයට සියලු කොටස් මිල දර්ශකය ඒකක 337.00 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 162.06 කින් පහළ ගොස් තිබුණි.