කොටස් වෙළෙඳපොළ පහළ වැටුණත් හෝටල්වලට අද හොඳ දවසක්

    July, 17, 2025

    අද (17) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැඩි උච්ඡාවචනයක් දක්නට ලැබුණු අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8.11කින් පහළ ගොස් ඒකක 18,876.85 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 37.53 කින් පහළ ගොස් ඒකක 5,630.59 ක් ලෙසින් වාර්තා විය.

    අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 6.20 කි.

    දිනය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වූයේ සමස්ත කොටස් වෙළෙඳපොළේ පහළ යාමක් වාර්තා වූවද, ලැයිස්තුගත හෝටල් සමාගම් සියල්ලකගේම පාහේ කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබීමයි.

    එහිදී ජෙට්වින් සිම්ෆනි සමාගමේ 37.80% කින්, රෝයල් පාම් බීච් හොටේල්ස් හා ටැන්ජරින් බීච් හොටේල්ස් 25%ක් බැගින් ඉහළ මිල වර්ධකයන් පෙන්නුම් කළ සමාගම් විය.

    අද දිනයේ දී ලැයිස්තුගත සියලු හෝටල් සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ ගිය ප්‍රතිශතයන් පහතින් දැක්වේ.

    JETWING SYMPHONY PLC -  37.80%

    ROYAL PALMS BEACH HOTELS PLC - 25%

    TANGERINE BEACH HOTELS PLC - 25%

    SIGIRIYA VILLAGE HOTELS PLC - 24.94%

    BROWNS BEACH HOTELS PLC - 18.75%

    THE KINGSBURY PLC - 17.39%

    TAL LANKA HOTELS PLC - 13.74%

    MAHAWELI REACH HOTELS PLC - 13.40%

    PEGASUS HOTELS OF CEYLON PLC - 11.82%

    WASKADUWA BEACH RESORT PL - 10.53%

    CITRUS LEISURE PLC - 10.53%

    THE NUWARA ELIYA HOTELS COMPANY PLC - 10.01%

    EDEN HOTEL LANKA PLC - 8.82%

    SERENDIB HOTELS PLC [Non-Voting] - 8.72%

    AITKEN SPENCE HOTEL HOLDINGS PLC - 8.01%

    DOLPHIN HOTELS PLC - 7.64%

    BERUWALA RESORTS PLC - 7.50%

    SERENDIB HOTELS PLC - 7.21%

    HAYLEYS LEISURE PLC - 7.21%

    TRANS ASIA HOTELS PLC - 6.42%

    HOTEL SIGIRIYA PLC - 6.41%

    THE LIGHTHOUSE HOTEL PLC - 6.28%

    THE KANDY HOTELS COMPANY (1938) PLC - 6.09%

    JOHN KEELLS HOTELS PLC - 5.85%

    PALM GARDEN HOTELS PLC - 5.80%

    BANSEI ROYAL RESORTS HIKKADUWA PLC - 5.77%

    CEYLON HOTELS CORPORATION PLC - 4.72%

    MARAWILA RESORTS PLC - 4.29%

    HIKKADUWA BEACH RESORT PLC - 3.03%

    HUNAS HOLDINGS PLC - 2%

    ASIAN HOTELS AND PROPERTIES PLC - 1.95%

    RENUKA HOTELS PLC - 1.71%

    GALADARI HOTELS (LANKA) PLC - 1.08%

    RAMBODA FALLS PLC - 0.53%