කොටස් වෙළෙඳපොළ හෙට කලින් වැසෙයි

    May, 5, 2025

    පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් 2025 මැයි 06 වැනි අඟහරුවාදා, එනම් හෙට දිනයේ දී පෙරවරු 9:30 සිට පස්වරු 12:30 දක්වා පමණක් ගනුදෙනු සිදු කෙරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.

    කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක අතර ආයෝජකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින සාමාන්‍ය වේලාවට කලින් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කිරීමට තීරණය වී ඇත.