September, 4, 2025
කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක් වී ඇති බවත් මේ හේතුවෙන් ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වල ඇති මුදල් අනාරක්ෂිත බවත් පවසමින් සමාජ මාධ්‍යයන්හි සංසරණය වන වාර්තා පිලිබඳව කොමර්ෂල් බැංකුවේ අවධානය යොමු වී ඇත.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොමර්ෂල් බැංකුවෙහි සියළුම ඩිජිටල් බැංකු පද්ධති සහ යෙදුම් (Apps) ස්ථාවර සහ සුරක්ෂිත බවත් ඒ සඳහා ජාත්‍යන්තර තත්ත්වයේ ආරක්ෂක ක්‍රියාමාර්ග නිරතුරුව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ය.
තව ද සිය පද්ධති හෝ පාරිභෝගික ගිණුම් සඳහා කිසිදු අවධානමක් නොමැති බව වගකීමෙන් යුතුව එම නිවේදනය එරහා ඔවුන් ප්‍රකාශ කර සිටියි.
තම පෞද්ගලික මූල්‍ය තොරතුරු (OTP, මුරපද විස්තර) කිසිදු තෙවැනි පාර්ශවයක් වෙත ලබා නොදෙන ලෙසත් සැක සහිත වෙබ් අඩවි වෙත පිවිසීමෙන් වළකින ලෙසත් තම ගනුදෙනුකරුවන්ගෙන් කරුණිකව ඉල්ලා සිටින බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

Video Story