කොළඹ අවධමනය ක්‍රමයෙන් උද්ධමනයක් කරා ළඟා වෙයි

    May, 30, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින්, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට -2.0 සිට 2025 මැයි මාසයේ දී සියයට -0.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන කාණ්ඩයෙහි අවධමනය, 2025 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට -3.6 සිට 2025 මැයි මාසයේ දී සියයට -3.3ක් දක්වා පහළ ගියේය.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2025 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 1.3ට සාපේක්ෂව 2025 මැයි මාසයේ දී සියයට 5.2ක මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබේ.