කොළඹ කොටස් හුවමාරුවෙහි Tick size අගය හෙට සිට වෙනස් වෙයි

    January, 7, 2021

    කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ  මණ්ඩලය විසින් ස්වයංක්‍රීය  වෙළෙද පද්ධතියෙහි සිට ගනුදෙනුවන කොටස් ප්‍රමාණය  සදහා අදාළ වන ඇනවුම් දෙකක් අතර මිලෙහි අවම අගය  (Tick size) වෙනස් කිරීමට තීරණය කර ඇත. ශ්‍රී  ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි අනුමැතිය ඇතිව මෙම වෙනසට පහසුකම් සැලසීම සඳහා කොළඹ කොටස් හුවමාරුව විසින් අවශ්‍ය නීති රීති වෙනස්කම් සිදුකර ඇත.

    මෙම වෙනස්වීම පහත අයුරින් දැක්විය හැක.

    කොටසක වටිනාකම (රුපියල්)          ඇනවුම් දෙකක් අතර මිලෙහි අවම අගය (Tick Size) (රුපියල්)

    වටිනාකම 100 සහ ඊට අඩු                           0.10

    වටිනාකම 100ට වැඩි                                   0.25

    මෙම වෙනස්වීම 2021 ජනවාරි 08 වන වෙළෙද ගනුදෙනු දිනයදා සිට බලපැවැත් වේ

    මෙම වෙනසට පහසුකම් සැලසීම සඳහා 2021 ජනවාරි 7 වන දින සිට වෙළෙඳ  ගනුදෙනු  අවසන් වන විට කොළඹ කොටස් හුවමාරුව විසින් ස්වයංක්‍රීය වෙළෙද පද්ධතියෙහි ඉතිරිව ඇති සියලුම ඇණවුම් අවලංගු කරනු ඇත.

    මීට අමතරව, ස්වයංක්‍රීය  වෙළෙද පද්ධතිය මත ඇණවුම් කිරීමට ප්‍රමාණවත්  කාලයක් ලබා දීම සඳහා 2021ජනවාරි 08 වන දින විවෘත වෙන්දේසි කාලය පෙරවරු 10.15 සිට  පෙරවරු 11.00 දක්වා දීර්ඝ කර ඇත.