April, 30, 2025
වඩාත් පුළුල් හා ඉහළ අන්තර්ග්රහණයකින් යුත් ප්රවේශයකට අනුකූල වෙමින් විකාශනය වෙමින් පවතින ගෝලීය ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි, කොළඹ කොටස් හුවමාරුව විසින් 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීම යුතුව නිවේදනය කරනු ලබයි. ඒ අනුව තේමාත්මක බැඳුම්කර සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිපූර්ණ නියාමන රාමුව මෙය බවට පත්වනු ඇත.
මේ යටතේ, කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ රීතිවල “තිරසාර බැඳුම්කර” යන යෙදුම වෙනුවට “GSS+ බැඳුම්කර” යන්න යොදා ඇති අතර, හරිත, නිල්, සමාජ, තිරසාර සහ තිරසාරභාවය සම්බන්ධ බැඳුම්කර ඇතුළු අනෙකුත් සමාන බැඳුම්කර වර්ග එමඟින් ආවරණය වේ.
සමාජ බැඳුම්කර ස්ථාවර ආදායම් මූල්‍ය උපකරණ වන අතර, එයින් ලැබෙන ආදායම සමාජ ගැටලු විසඳීම සහ ධනාත්මක සමාජ බලපෑම් ඇති කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති සඳහා මූල්‍යයනය හෝ ප්‍රතිමූල්‍යයනය සඳහා පමණක් යොදා ගනී. එනම් අත්‍යවශ්‍ය සේවා සඳහා වන ප්‍රවේශය ඉහළ නැංවීම, දැරිය හැකි මිළකට පවතින නිවාස පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ රැකියා අවස්ථා වැනි ව්‍යාපෘති ඊට අයත්ය. අන්තර්ග්‍රහණීය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආයෝජකයින්ගේ වර්ධනය වන උනන්දුව හේතුවෙන් ගෝලීය සමාජ බැඳුම්කර වෙළඳපොළ මෑත වසරවලදී සුවිශේෂී අන්දමින් වර්ධනය වී ඇත.
සුවිශේෂී වර්ධනයක් ලෙස, GSS+ බැඳුම්කර නිකුත් කිරීම සඳහා වන අවශ්‍යතා වර්තමානයේ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ සංගමයේ මාර්ගෝපදේශවලට සම්පූර්ණයෙන්ම අනුකූලව වේ. ගෝලීය වශයෙන් පිළිගනු ලැබූ භාවිතයන් සමඟ අනුකූල වීම මේ හරහා සහතික වන අතර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත තිරසාර මූල්‍ය උපකරණවල විශ්වසනීයත්වය සහ විනිවිදභාවය එහිදී ඉස්මතු වේ.
සත්‍යාපන රාමුව ද වැඩිදියුණු කර ඇත. පෙර පිළිගත් සහතික කිරීමේ සහ බලපෑම් වාර්තා කිරීමේ ක්‍රමවේද වලට අමතරව, දෙවන පාර්ශවයක අදහස් ලබා ගැනීම සහ සහතික කිරීම වැනි අතිරේක ක්‍රම ද භාවිත කළ හැකි අතර, ඉන් අමතර ආයෝජක විශ්වාසයක් හිමි කරදෙයි.
ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හවුල්කාරී ප්රයත්නයන් හරහා මෙම රීති වැඩිදියුණු කිරීම් කළ හැකි වූ අතර, ජාත්‍යන්තර යහ භාවිතයන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ තිරසාර මූල්‍ය අංශය ඉදිරියට ගෙන යාමට සියලු පාර්ශවයන් සතු කැපවීම ඉන් ඉස්මතු වේ.
මෙකී කටයුත්තේ ප්‍රධාන අරමුණ වන්නේ මාප්ය පාරිසරික හා සමාජීය බලපෑම් සහිත ව්‍යාපෘති සඳහා ප්රාග්ධනය රැස් කිරීමට පහසුකම් සැලසීම සහ ආයෝජකයින්ට පාරිසරික, සමාජ සහ පාලන ප්රමිතීන් සමඟ ඔවුන්ගේ ආයෝජන උපක්‍රම පෙළගස්වා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි.
GSS+ හඳුන්වා දීම මඟින් ප්රතිලාභ රාශියක් හිමි වේ. එය නිකුත්කරුවන් සඳහා ධනාත්මක සමාජ බලපෑම් සහිත ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම සඳහා වන නව ප්‍රාග්ධන ප්‍රභවයකට ප්‍රවේශය සපයයි. මූල්‍ය සහ සමාජ ප්රතිලාභ යන දෙකම ලබා දෙන උපකරණ සමඟ ආයෝජකයින්ට ඔවුන්ගේ ආයෝජන කළඹ විවිධාංගීකරණය කිරීමට අවස්ථාව හිමිව ඇත. වඩාත් පුළුල් මට්ටමකදී, වගකිවයුතු අන්දමින් ප්රාග්ධනය යෙදවීම මේ හරහා ප්‍රවර්ධනය වන අතර දරිද්‍රතාවය අවම කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, සෞඛ්‍ය සේවා සඳහා වන ප්‍රවේශය සහ අන්තර්ග්‍රහණීය අධ්‍යාපනය වැනි මූලික ජාතික සංවර්ධන ඉලක්ක සඳහා ද එය සහාය වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මෙලෙස ප්‍රකාශ කළේය."ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළ වෙත GSS+ හඳුන්වාදීම තිරසාර මූල්‍ය ප්‍රවර්ධනය සඳහා අප දරන ප්රයත්නයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. වෙළඳපොළේ පවතින තිරසාර ආයෝජන නිෂ්පාදන පරාසය ව්‍යාප්ත කිරීම පමණක් නොව, අපගේ ප්‍රජාවන් තුළ දිගුකල් පවත්නා වෙනස්කම් ඇති කළ හැකි සමාජීය බලපෑම් සහිත ව්‍යාපෘති සඳහා අරමුදල් ඒකරාශී කිරීමට නිකුත් කරන්නන්ට හැකියාව ලබා දීම ද මේ හරහා සිදුවේ."
"ජාත්‍යන්තර යහ භාවිතයන් සමඟ ප්‍රාග්ධන වෙළඳපොළ යටිතල පහසුකම් යා කිරීම හා ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනයට ක්‍රියාකාරීව දායක වීම සඳහා වන අපගේ අඛණ්ඩ කැපවීම ඉස්මතු කරන මෙම සුවිශේෂී සංවර්ධන කටයුත්තට සහාය දැක්වීම සම්බන්ධයෙන් අපි තෘප්තිමත් වෙමු."
පාරිසරික, සමාජ සහ පාලන ප්රමිතීන් කේන්ද්‍ර කරගත් මුලපිරීම් ප්‍රවර්ධනය කිරීමට සහ වෙළඳපොළ සහභාගිවන්නන්ට තිරසාරභාවය ඉලක්ක කොට ගත් ආයෝජන සඳහා ශක්තිමත් රාමුවක් නිර්මාණය කර දීමට කොළඹ කොටස් හුවමාරුව කැපවී ඇත. ජාතික මෙන්ම ගෝලීය සංවර්ධන අරමුණු වලට අර්ථවත් අන්දමින් දායකත්වයක් සපයන මූල්‍ය නවෝත්පාදනය සඳහා සහාය වීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව සතු භූමිකාව GSS+ බැඳුම්කර හඳුන්වා දීම හරහා ශක්තිමත් වේ.
Video Story