November, 14, 2023
කොළඹ ගලදාරි හෝටලය පසුගිය දා ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹි බව නිවේදනය කර සිටී.
ඒ අනුව හෝටලයේ නවීකරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 33.5 ක ආයෝජනයක් ඉදිරියේ දී ලැබීමට නියමිත බව ගලදාරි හොටේල්ස් (ලංකා) පීඑල්සී නිවේදනය කර සිටී.
මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරි හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ මීට පෙර ගිවිසුමකට එළඹියේය. මෙම ගිවිසුම්ගත වීම සඳහා 2023 ජූලි 06 දින පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමේ දී ගලදාරි හෝටල් සමාගමේ කොටස්කරුවන්ගෙන් අනුමැතිය හිමිවු තිබුණි.
එම ගිවිසුමට අනුව ගලදාරී හෝටලයේ අලුත්වැඩියා කිරීමකට ලක්වන අතර “RADISSON BLU HOTEL GALADARI COLOMBO” නාමය යටතේ එහි කළමනාකාරීත්වය Radisson සමාගම විසින් සිදුකරනු ඇත.
Video Story