ගලදාරී හෝටලයේ දැවැන්ත පරිවර්තනයක්. නමත් වෙනස් වෙයි

    July, 7, 2023

    මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරී හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුම්ගත වීම සඳහා ඊයේ (06) පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමේ දී සිය කොටස්කරුවන්ගේ අනුමැතිය හිමිවූ බව ගලදාරී හෝටලය දැනුම් දී සිටී.

    මෙම ගිවිසුමට අනුව ගලදාරී හෝටලයේ අලුත්වැඩියා කිරීමකට ලක්වන අතර “RADISSON BLU HOTEL GALADARI COLOMBO” නාමය යටතේ එහි කළමනාකාරීත්වය Radisson සමාගම විසින් සිදුකරනු ඇත.

    මේ බව දැනුම් දෙමින් ගලදාරී හෝටේල්ස් (ලංකා) පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.