ගව ඝාතනය තහනම් කිරීමේ තීන්දුව මසකින් පමාවෙයි

    September, 10, 2020

    ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය මාසයකින් කල්දැමීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අද (10) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

    මාධ්‍යවේදියා - රජය පසුගියදා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කළා ගව ඝාතනය නතර කිරීම සම්බන්ධයෙන්. මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල - ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවෙලා ,ඒක මාසයකට කල් දාලා තියෙනවා. ඒ සම්බන්ධව නොයෙකුත් අනෙකුත් අදහස් ලබා ගන්න, සෑම අංශයකින්ම අවශ්‍ය අදහස් ලබාගන්න. අරගෙන අවසාන තීන්දුවකට එන්න. ඒ සම්බන්ධව මූලික අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා. අදහසට ලැබෙන ප්‍රතිචාර අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන්.

    ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය පසුගිය දා හිමිව තිබුණි.