ඡන්දය දා කොටස් වෙළෙඳපොළ කලින් වැසෙයි

    November, 11, 2024

    එළඹෙන නොවැම්බර් 14 වෙනි බ්‍රහස්පතින්දා දින, කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 12.30 ට අවසන් කිරීමට තීරණය කර තිබේ.

    2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වෙනි දිනට යෙදී ඇති බැවින් මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සැසිය, එදින පස්වරු 12.30 ට අවසන් කිරීමට නියමිතය.

    ඒ අනුව පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පැය 3ක කාලයකට පමණක් 2024 නොවැම්බර් 14 දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘතව පවතිනු ඇත.