ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජාතික බදු සතිය ඇරඹෙයි

    June, 2, 2025

    ජාතික බදු සතිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ විය.

    "බදු ශක්ති" නමින් ක්‍රියාත්මක මෙම බදු සතිය අද සිට ලබන 07වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.

    මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

    මේ අතර, 2024 - 2025 තක්සේරු වර්ෂයේ සිට අදාල බදු ගෙවීම් සම්බන්ධ වර්තාවන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට එක් කිරීම අද සිට දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ මාර්ගගත වේදීකාවක් ඔස්සේ පමණක් සිදු වන අතර එම මාර්ගගත වේදීකාව රටේ ජනතාව වෙනුවෙන් විවෘත කිරීම අද උදෑසන සිදු විය.

    එය සංකේතවත් කරමින් පළමු බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ මාර්ගගත් වේදීකාවට එක් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහි දී සිදු විය.