ජනවාරියේ ජාතික උද්ධමනයත් ඉහළට

    February, 21, 2024

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ 4.2% සිට 2024 ජනවාරි මාසයේ දී 6.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

    එහිදී 2023 දෙසැම්බර් මාසයේ දී 1.6% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 ජනවාරි මාසයේ දී 4.1% ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර 2023 දෙසැම්බර් මාසයේ දී 6.3% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 ජනවාරි මාසයේ දී 8.5.% ක් දක්වා වැඩි වී තිබේ.

    පසුගිය ජනවාරි මාසය අවසානයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ද උද්ධමන සංඛ්‍යාලේඛන නිකුත් කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දොපර්තමේන්තුව මීට පෙර කටයුතු කළ අතර එහිදී 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 6.4 දක්වා කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ඉහළ ගොස් තිබුණි.