ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් තැබීම හෙට

    March, 6, 2025

    ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබීම හෙට (07) දිනයේ දී සිදුකිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී සිටී.

    ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata මහතාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මෙම ගිවිසුම් අත්සන් තැබීම හා හුවමාරුව සිදුකිරීමට නියමිතය.