ජය බහළු පර්යන්තයේ ගල් ඇතිරීමේ කොන්ත්‍රාත්තුවක් Maga Engineering වෙත

    June, 25, 2025

    මධ්‍යම ප්‍රමාණයේ බහළු නෞකා දෙකකට පහසුකම් සැපයීමට හැකි වන පරිදි  දැනට පවත්නා ජය බහළු පර්යන්ත - IVහි ජැටි බැම්ම දීර්ඝ කිරීමට සහ අංගන ධාරිතාව වැඩි කිරීම සඳහා පසුපස අංගන ප්‍රදේශය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සැලසුම් කර තිබේ.

    ජය බහළු පර්යන්තය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ජය බහළු පර්යන්ත - Vහි ඉතිරි සංවර්ධන කටයුතු අවසන් කළ යුතුව ඇත. ඒ අනුව, පස් පුරවා සංවර්ධනය කරන ලද අංගන ප්‍රදේශයේ ගල් අතුරා තාර දැමීම හා පවත්නා අංගනයට සම්බන්ධ කිරීම සඳහා වන ප්‍රසම්පාදනය සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 09ක් ලැබී ඇත.

    ඒ අනුව, ලංසු ඇගයීම් කමිටුවේ සහ ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අදාළ ප්‍රසම්පාදනය M/s Maga Engineering (Pvt)Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.