ජාතික උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්

    May, 22, 2023

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2% සිට 2023 අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

    එහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 42.3% සිට 2023 අප්‍රේල් මාසයේ දී 27.1% ක් දක්වා පහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 54.9% සිට 2023 අප්‍රේල් මාසයේ දී 39.0% ක් දක්වා අඩු වී තිබේ.