August, 4, 2025
2025 වසරේ ජූලි මාසයේ 200,244 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,368,288ක් ලෙසයි.
ජූලි මාසයේ ඉහළම සංචාරක පැමිණීමක් සඳහන් වී ඇති දිනය ලෙස ජූලි 26 වන දා වාර්තා වන අතර එදින මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 7,579කි.
එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් වන 37,128ක සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස ඉන්දියාව වාර්තා වන අතර එක්සත් රාජධානියෙන් 23,475ක්, නෙදර්ලන්තයෙන් 15,556ක් සහ චීනයෙන් 12,982ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.



Video Story